BREAKING NEWS
Search

සුරූපී ත්‍රස්තවාදී තරුණිය, සිය පෙම්වතා සමඟ එක්ව, 15 හැවිරිදි දරුවන් එකතු කරගෙන කරන්න ගිය අපරාධයක සුල මුල හෙළි වෙයි

566
National Action (නැෂනල් ඇක්ෂන්) නම් තහනම් ත්‍රස්ත සංවිධානයට 15 හැවිරිදි පාසල් සිසුවියන් බඳවා ගැනීමට උත්සහා කළ, හිටපු “මිස් හිට්ලර්” සුරූපී රූපලාවන්‍ය ශිල්පිනිය ඇගේ පෙම්වතා සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

23 හැවිරිදි ඇලිස් කටර් නම් මෙම තරුණිය එංගලන්තයේ බර්මින්හැම් ක්‍රවුන් උසාවියේ පැවති නඩු විභාගයකින් පසු ඇගේ හිටපු සහකරු ඇතුළු පිරිසක්ද මෙම ත්‍රස්ත කණ්ඩායමට අයත් බවට හෙළි වී තිබෙනවා.
 
‘බුකන්වාල්ඩ් කුමරිය’ ලෙස විරුදාවලිය ලත් මෙම සුරූපී තරුණිය රූපලාවණ්‍ය තරඟයකට සහභාගී ජනප්‍රියත්වයට පත් වූ අයෙක්.
 
ඇය බුද්ධිමත් හා ශක්තිමත් මනසක් ඇති අයෙකු ලෙස සඳහන් කරන අතර කණ්ඩායමේ (ත්‍රස්ත කණ්ඩායම) නායකත්වයට පවා උපදෙස් ලබා දී ඇත්තේ ඇය විසිනුයි.
 
ඇයව වසර තුනකට සිරගත කරන්නට අවසානයේ තීරණය කළ අතර ඇගේ පෙම්වතා වන ජෝන්ස්ට වසර පහ හමාරක සිර දඬුවම් හිමි වුණා.
 
ඇගේ මෙම හිටපු සහකරු 25 හැවිරිදි අයෙක් වන අතර මෙම සංවිධානය තහනම් කිරීමෙන් පසුවත් එය අඛණ්ඩව පවත්වාගෙන ගොස් ඇත්තේ ඔහු විසිනුයි.
 
වෙස්ට් මිඩ්ලන්ඩ් ත්‍රස්ත මර්දන ඒකකයේ ප්‍රධානියෙකු සඳහන් කළේ, “මොවුන් ආයුධ රැස් කරගෙන ඔවුන්ගේ අන්ත දෘෂ්ඨිවාදය පැතිරවීම තුළින් ජාතිවාදී යුද්ධයකට සුදානම් වීම”ට උත්සහා කරන බවයි.