BREAKING NEWS
Search

ලෝකෙම පුදුම කරමින්, මඟීන් 5ක් අරන් විදුලි වේගයෙන් පියාඹන ටැක්සියක් ගැන තොරතුරු මෙන්න –

574
සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙයි…
“මෙම යානය මඟීන්ට විශාල පහසුකම් ප්‍රමාණයක් සලසාවී…”
 
කොයි තරම් කාර්යබහුල වටපිටාවක වුණත් නිදහසේ ගමන් බිමන් යන හැමෝම “තමන්ගෙම” වුණු වාහනයක් බලාපොරොත්තු වෙනවා. හැබැයි… ඒක අවම මිල සටහනකින් යුක්ත “සයිකල් කෑල්ලක්” වුණත් ඒ කෙනාට අවුලක් නැහැ.
 
දවසින් දවස නව මාදිලියේ වාහන, ලෝකය ආක්‍රමණය කරද්දි නවමු එක්කිරීම් සිදු කිරීමත් අද තරඟාකාරීත්වයත් එක්ක දැකබලා ගන්න පුළුවන්.
 

විවිධ හැඩතලවලින් සහ නවමු තාක්ෂණය පෙරදැරි කරගෙන වාහන ලෝකය ආක්‍රමණය කළ තවත් සුපිරිම වාහනයක් ගැනයි මේ තොරතුරු……….
 
අපි සාමාන්‍යයෙන් ගමනක් යන්න ඕනි වුණාම “ටැක්සියකට” අඬ ගහනවා. ඒක ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකය පුරා දකින්න ලැබෙන සේවාවක්. ඒ සඳහාම වුණු ආයතන බොහෝමයක් වගේම ඒ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් “ඇප්” පවා තියනවා. ලංකාවට අසල්වැසි ඉන්දියාවත් මේ ටැක්සි සේවාවන්හි පෙරමුණේ ඉන්නවා.
 
ගමන් බිමන් යන ඈයෝ තමන්ගේ ගමන් පහසුව වෙනුවෙන් මේ විදිහට “පොඩි කාර් එකක්”, නැත්තම් “ත්‍රීවිල් එකක්” “හයර්” කරනවා.
 
හැබැයි මේ කියන්න හදන්නේ නම් වෙනස් විදිහේ “ටැක්සි” එකක් ගැන. විදුලි බලයෙන් ක්‍රියාත්මක වන අත්තටු යුගළයකින් සමන්විත “පියාඹන ටැක්සිකාරයෙක්” ගැන.
 
මේ ගුවන් ටැක්සියට සැතපුම් 150ක වේගයෙන් සැතපුම් 60ක් දුර යන්න පුළුවන්. ඉදිරි අවුරුදු 5 ඇතුළත මේ ටැක්සි එක ගුවන්ගත කරන බවයි දැනගන්න ලැබෙන්නෙ.
 
“බෙල් නෙක්සස්” සමාගම විසින් නිමවූ මේ විශිෂ්ඨ නිර්මාණය “4 EX” ලෙස හඳුනා ගැනෙනවා.
 
වඩා වැදගත් වෙන්නේ, ලෝකෙම දන්න ටැක්සි සේවාවක් සමඟ හවුලේ ඔවුන් මේ දේ කරන්න යන එකයි. ඔන්න එතකොට මේ අයගේ ඉදිරි සැලසුම මහපාරේ දුවන “ටැක්සියක්” වෙනුවට ගුවනේ ගමන් කරන “ගුවන්ටැක්සියක්” මඟින් ජනතාවට පහසුකම් සැලස්වීමයි.
 
මේ නිර්මාණය නුදුරු අනාගතයේ විශාල පෙරළියක් සිදු කරාවී කියලා දැනට අනුමාන කෙරෙනවා. එමෙන්ම, මේ අරුම පුදුම යානය මිනිසුන්ගේ ගමනාගමනයට මහා උපකාර වනු ඇති බවත්, විවිධ මාදිලියේ ප්‍රවාහන පද්ධති එළිදැක්වීම තුළින් ජනතා ආකර්ශනය දිනා ගත හැකි බවත්, මෙය නිමවූ ආයතනයේ ප්‍රධානීන් සඳහන් කරනවා.
 
යානයේ යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය, ධාවන තත්ත්වය, යානයට බඩු පැටවීමේ හා ඉන් බඩු බෑමේ වේගය යනාදිය පිළිබඳ සියලු කරුණු දක්වන “බෙල් එයරෝ ඕ එස්” (Bell Aero OS) යනුවෙන් හැඳින්වෙන විද්‍යුත් කාර්ය පද්ධතියකටද මෙම “ගුවන් ටැක්සි” යානය හිමිකම් කියනවා.
 
සෘජුවම තිරස් අතට ගුවනට නැංවීමටත් එසේම සෘජුව බිමට බැස්සවීමටත් හැකි මේ යානයේ මඟීන් හතර දෙනෙකුට යා හැකියි. මෙය නිහඬ සහ ආරක්ෂාකාරී වන අතර පාවිච්චියට ඔරොත්තු දීමේ ශක්තියකින්ද යුක්තයි.
 
කවුරුන් හෝ මේ මඟින් “ටැක්සි සේවාව” ඇණවුම් කරනවා නම් අදාළ ලෝක ප්‍රකට සමාගම හරහා ඇණවුම් කළ හැකි අතර යානය ආසන්නම ගුවන් තොටුපළට පැමිණෙනවා.
 
බිමින් ධාවනය වන වාහනයකින් යෑමට පැය එකහමාරක් ගත වන ස්ථාන දෙකක් අතර දුර ප්‍රමාණය පියාසර කිරීමට මෙම යානයට ගත වෙන්නේ මිනිත්තු 30ක කාලයක් පමණක් වීම විශේෂත්වයක්.