BREAKING NEWS
Search

ලොව පිරිසිදුම වාතය ඇත්තේ කොතැනද – මෙන්න ඒ තැන

788
ලොව පවතින පිරිසුදුම වාතය ඇත්තේ ඇන්ටාර්ක්ටිකාව අසල දක්ෂිණ සාගරයට ඉහළින් බව සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කිසිදු බාහිර අංශුවකින් දූෂණයට ලක් නොවූ පිරිසුදු වාතය මෙතැන ඇති බව විද්‍යාඥයෝ පවසන බවයි සදහන් කරන්නේ.

දක්ෂිණ සාගරය අවට ජෛව පාරිසරික තත්ත්වයන් ගැන සිදුකළ නවතම අධ්‍යයනයකදී මේ බව මුල්වරට අනාවරණය වී ඇති බවයි පවසන්නේ. ලරාඩෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පර්යේෂක පිරිසක් මානව ක්‍රියාකාරකම් නිසා වෙනස් වීමකට ලක් නොවූ මෙම වායුගෝලීය ප්‍රදේශය සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා කාලගුණය සහ දේශගුණය පවා වෙනස් වන අවධියක මිනිසාගේ බලපෑමට ලක් නොවූ ප්‍රදේශයක් හඳුනාගැනීම විශේෂ කාරණාවක් බව පර්යේෂණය මෙහෙය වූ මහාචාර්ය සෝනියා ක්‍රේඩෙන්වෙස් සහ ඇයගේ කණ්ඩායම පවසයි.