BREAKING NEWS
Search

දමිල සිනමාවට අලුත් නිළියක්

427

ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු ජීවා මේ වසරේ රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටය වන ‘සේරු’ පෙබරවාරි 07 වැනිදා දකුණු ඉන්දියාවේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස ලේබල්ගත කොට තිබුණද මෙම චිත්‍රපටය අත්භුත කතාවක් ඇතුලත් චිත්‍රපටයක් ලෙස හැඳීන්වීමට පුළුවනය.

ජීවා සමගින් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රියා සුමන් වන අතර, ඇයගේ පළමු චිත්‍රපට රංගනය මෙය වීම විශේෂත්වයකි. රියා මීට පෙර දමිල ටෙලි නාට්‍යය කිහිපයක රඟපෑ ඇති අතර, වෘත්තියෙන් නිරූපිකාවක් ලෙසද කටයුතු කර ඇත.