BREAKING NEWS
Search

කොරෝනා මැද ලොවම මවිත කරවමින්, එක අම්මාගෙන් එකවර උපන් නිවුන් දරුවන්ට පියවරුන් දෙදෙනෙක්? – Photos

811
 
DNA පර්යේෂණයකින් පසු හෙළි වූ දේ මෙන්න‍..
 
අලුත උපන් නිවුන් දරුවන් දෙදෙනෙකුට පියවරුන් දෙදෙනෙකු සිටින බව දැනගත් චීන ජාතිකයෙකු කම්පනයට පත් වූ අරුම පුදුම පුවතක්, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අලුත උපන් බිළිඳුන් චීනයේ දරු උපත් ලියාපදිංචි කිරීම සඳහා වන ක්‍රියාපටිපාටියේ කොටසක් ලෙසින් DNA පරීක්ෂණයකට යොමු කිරීම සාමාන්‍යයෙන් සිදු වන දෙයක්.
 
මෙම නිවුන් දරු දෙදෙනාද එසේ DNA පර්යේෂණයකට යොමු කර ඇති අතර එම පරීක්ෂණයෙන් පසු දරුවන්ගේ මව, පුදුමයට හා කම්පනයට පත්ව ඇති බවයි  වාර්තා කරන්නේ.
 
පරීක්ෂණ ප්‍රතිඵල දැන ගැනීමෙන් පසු දරුවන්ගේ පියාද මවිතයට පත්ව ඇති අතර ඔහු වටහා ගෙන ඇත්තේ තම බිරිඳ තමන් හැරුණුකොට තවත් අයෙකු සමඟත් ලිංගිකව හැසිරී ඇති බවයි.
 
නමුත් වෛද්‍යවරුන් සඳහන් කරන්නේ, මිලියන දහයෙන් එකකට මෙවැනි අසාමාන්‍ය සිදුවීමක් සිදුවීමට ඉඩකඩ ඇති බවයි.
 
කෙසේ වෙතත්, මෙම ප්‍රතිඵල අනුව දරුවන්ට පියවරුන් දෙදෙනෙකු සිටීමට නම් අදාළ කාන්තාව කෙටි කාලයක් තුළ පුරුෂයින් දෙදෙනෙකු සමඟ ලිංගිකව එක් විය යුතුයි.
 
නමුත්.. විවිධ පියවරුන් සමඟ නිවුන් දරුවන් බිහිවීම අතිශය දුර්ලභ සිදුවීමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
 
මීට පෙරදීත් ගිනිකොණදිග චීනයේ ෂියාමාන් නගරයේ සිට පැමිණි යුවළකට ද මෙවැනිම සිදුවීමකට මුහුණ පෑමට සිදුව ඇති බව ඩේලිමේල් වාර්තා කරනවා.
 
2019 වර්ෂයේදී ලියාපදංචිය සිදුකළ එම යුවළගේ නිවුන් පිරිමි දරුවන්ට ද පියවරුන් දෙදෙනෙකු සිටින බව DNA පරීක්ෂණයෙන් ඔප්පු වී තිබෙනවා.
 
ෂියාඕලොන්ග් යන අන්වර්ථ නාමයෙන් හඳුනාගත් එම පුද්ගලයා DNA ප්‍රතිඵලය දුටු වහාම සිය බිරිඳ සමඟ කෝපයට පත් වූ බව සඳහන්.
 
එම දරුවන්ගෙන් එක් දරුවෙකු තමාගේ පෙනුමට බෙහෙවින් වෙනස් ස්වරූපයක් ගැනීම සැමියාගේ සැකයට හේතු වී තිබෙනවා.
 
තවදුරටත් ඔහු බිරිඳගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය වෙනත් පිරිමියෙකු සමඟ යහන්ගත වී ඇති බව ඇය විසින් හෙළිදරව් කර ඇති බව වාර්තා වනවා.
 
2014 දී ද මෙවන් සිදුවීමක් සිදුවී ඇති අතර ඒ චීනයේ යිවුහි නම් ධනවත් යුවළකට ලැබුණු නිවුන් පුතුන්ටද පියවරුන් දෙදෙනෙකු සිටින බවට හෙළි වීමයි.
 
විශේෂඥයින් පවසන්නේ මෙවන් සිදුවීම් වල නිශ්චිතතාවයින් ගණනය කිරීම ඉතා අසීරු කටයුත්තක් බවයි.
 
පියවරුන් දෙදෙනෙකු සමඟ නිවුන් දරුවන් උපත ලැබීම සිදුවිය හැකි දෙයක්ද ?
 
මෙය අතිශය දුර්ලභ ඝනයේ සිදුවීමක් වන අතර එය සිදුවීමේ අවස්ථාව යුගල 400න් එකකට පවතින බවයි සඳහන් වන්නේ.
 
මවක් ඩ්මිබ දෙකක් මුදා හරින විට විවිධ පිරිමින්ගෙන් ශුක්‍රාණු සෛල දෙකකින් සංසේචනය වනවා.
 
ඩිම්බ දෙකම සංසේචනය කිරීම සඳහා කාන්තාවන් සාමාන්‍යයෙන් දිනක් තුළ විවිධ පිරිමින් දෙදෙනෙකු සමඟ ලිංගිකව හැසිරීමට සිදු වනවා.
 
මිනිසුන් තුළ මෙය දුර්ලභ වුවද, බල්ලන්, බළලුන්, එළදෙනුන් සහ මීයන් ඇතුළු අනෙකුත් සතුන් තුළ එය බහුලව දක්නට ලැබෙනවා.