BREAKING NEWS
Search

කොරෝනා කලබල අස්සේ වහපු බාර් ඇරියාම, සූර් වෙන්න සල්ලි නොදුන්න අම්මාගේ අත, පුතා සපා කාලා

717
අම්මා දොර ඇරගෙන එළියට එද්දී, අත හපලා…

පුතා සොයන්න පොලිස් පරීක්ෂණයක් දියත් කරලා..
 
බීමත්ව වෙරිමතින් සිය නිවෙසේ ජීවත්වූ තම මවගෙන් මත්පැන් පානයට මුදල් ඉල්ලා අත සපාකා පහරදීමේ පුවතක් නිකවැරටිය මූලික රෝහලෙන් වාර්තා වනවා.
 
මෙසේ පහරකෑමට ලක්වූයේ වාරියපොළ පොලිස් වසමේ තෙන්නකෝන් ගම පදිංචි 69 හැවිරිදි මවකි.

එක් දරු පියෙක් වන පහරදුන් පුතා කාලයක සිට මත්වතුර පානයට ඇබ්බැහි වී සිටින අයකු බවද බිරිය විදේශ රැකියාවකට යෑම නිසා පුතාගේ 14 හැවිරිදි දියණිය රැකබලා ගැනීමට මව පුතාගේ නිවෙසේ පදිංචියට පැමිණ ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
 
පසුගිය දින රාත්‍රි නවයට පමණ වෙරි මතින් පැමිණි පුතා නිවෙසේ දොරට පහර දීමෙන් මව දොරහැර එළියට එන විට අත සපාකා පහරදී පලායෑමෙන් අසල්වාසීන් මව නිකවැරටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
 
මේ සම්බන්ධයෙන් වාරියපොළ පොලිසිය පරීක්ෂණ සිදුකරයි.
 
මව්බිම