BREAKING NEWS
Search

කොරෝනා අස්සේ, මුඛ ආවරණ පැළඳ ව්‍යායාම් කරමින් සිටි තරුණයෙකුට සිදු වූ අකරතැබ්බය

897
ලොවපුරා නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමග සිය ජනතාව වෙත මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට බො‌හෝ රටවල් තීරණය කළා.
 
කෙළ බිඳිතිවලින් කොවිඩ් 19 ව්‍යාප්තවීම හේතුවෙනුයි මෙම තීරණය ගනු ලැබුවේ.

කෙසේ වෙතත්, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ, වුහාන් ප්‍රාන්තයේ මුඛ ආවාරණ පැළඳ ව්‍යායාම් කරමින් සිටි පුද්ගලයෙකු සිහිසුන්ව ඇද වැටීමේ සිද්ධියක් පසුගියදා එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.
 
වූහාන් නගරයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු වන මොහු මුඛ ආවාරණ පැළඳ කිලෝ මීටර් 3 ක් දුවමින් සිටි අවස්ථාවකයි මෙලෙස සිහිසුන්ව ඇද වැටි ඇත්තේ.
 
අනතුරුව එහි සිටි පිරිස් ඔහුව රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී වෛද්‍යවරු කියා සිටියේ, එම තරුණයාගේ ශරීරයේ පැවැති ඔක්සිජන් ප්‍රමාණය අවම වීම මෙලෙස සිහිසුන්වීමට හේතුව බවයි.
 
මුඛ ආවාරණ සහිතව ව්‍යායම් කිරීම හේතුවෙන් පෙනහළුවලට නියමිත ආකාරයට ඔක්සිජන් නොලැබෙන බව ද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.