BREAKING NEWS
Search

“කරුණාකරලා, මාවත් මරලා දාන්න..” වසර 7කට පසු කුළුදුලේ උපන් සිය සිඟිත්තා අවසන් ගමන් යැවූ, හිත්පිත් නැති ත්‍රස්තවාදීන්ගෙන්, මවක් කළ සංවේදී ඉල්ලීම –

728
“නාන කාමරයට ගිහින් එද්දි දැකපු දේ අදහාගන්න බැරිවුණා..”

කාන්තාවන් 16 දෙනෙකු සහ කුඩා දරුවන් දෙදෙනෙකුගේ ජීවිත අහිමි කළ ප්‍රහාරය !

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයට කිලෝමීටර් 100 ක් දුරින් පිහිටි ගම්මානයක වසර හතක ගම්මානයක් ජීවත්වෙමින් සිටි කාන්තාවක් වසර හතක් පුරාවට දරුවෙකු අපේක්ෂාවෙන් සිටියා.
 
දරුඵල යනු දෙවියන්ගේ වරමක් යැයි අපගේ මිතුන්මිත්තන් පවසා තිබෙනවා. එලෙස ලැබුණු වරමකින් ඇය ගැබ්ගනු ලැබුවේ දේව වරමකින්.


මාස නවයක කාලයක් පුරාවට තම දරුවාව ආරක්ෂා කරගත් ඇය, සිය දරු ප්‍රසූතිය සදහා ඊයේ දිනයේදී රෝහල බලා ගමන් ආරම්භ කළේ, දහසකුත් බලාපොරොත්තු සහිතවයි.
 
සිය දරුවාගේ යහපත උදෙසා පැය හතරක ගමනාන්තය අවසානයේ ඇය කාබුල් රෝහල වෙත පැමිණියා.
 
ඇයගේ බලාපොරොත්තු මල් ඵලගන්වමින්, සිය දරුවා බිහිකරනු ලැබුවා. අනතුරුව වෛද්‍යවරුන් විසින් ඇය සහ දරුවා නිරෝගීමත්ව සිටින බව ඥාතීන්ට දන්වනු ලැබුවේ ඉතාමත් සතුටින්.
 
ඇය සිය දරුවාගේ ස්පර්ශය විදිමින් සිට කදුළු සැලුවේ සිය වසර හතක තපස පූර්ණ වූ සතුට සමරනු පිණිසයි.
 
දරුවා දෑස් පියා ගත් මොහොතක ඇය රෝහලේ පිහිටි නානකාමරය වෙත ගියේ සිය ඇගපත සේදීමටයි.
 
මව සිය කාර්යය අවසන් කර නැවත පැමිණෙන විට රෝහල තුළ නොසන්සුන්තාවයක් ඇතිව තිබුණා.
 
පිරිසක් අඩමින් සිටි අයුරු ද ඇය දුටුවා. කුමක් ද සිදුවී ඇත්තේ යන්න තේරුම් ගැනීමට නොහැකිව සිටි ඇය සිය දරුවා දැකීමට යුහුසුළුව පැමිණියා.
 
ඒ සමග මුහුණු ආවරණය කරගත්, තිදෙනෙකු රෝහල තුළට පිවිසියා. ඔවුන් අත තිබුණේ නවීන පන්නයේ තුවක්කු කිහිපයක්. ඔවුන් රෝහලේ සිටි සියලු දෙනා වෙත වෙඩි වරුසාවක් එල්ල කළා.
 
වසර හතක තපසකින් උපත ලැබු එම දරුවා ද ත්‍රස්තවාදීන්ගේ උණ්ඩවලට බිලි වුණේ කිසිවකු නොසිතූ අයුරිනුයි.

මෙම දුක දරාගැනීමට නොහැකි වූ එම කාන්තාව ද වෙඩික්කරුවන්ගේ බැගෑපත්ව ඉල්ලා තිබුණේ තමන්ව ද මරා දමන ලෙසයි.
 
මෙම වෙඩි තැබීමෙන් මේ වනවිට කාන්තාවන් 16 දෙනෙකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළව 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.